ගරු ආණ්ඩුකාරවර

රෙජිනෝල්ඩ් කුරේ

ආණ්ඩුකාර කාර්යාලය

පැරණි උද්‍යානය, නුවර පාර,

චුණ්ඩුකුලි, යාපනය,

ශ්‍රී ලංකාව. 

දුරකථනය: +94-21-2219375

ෆැක්ස්: +94-21-2219374

 

ආණ්ඩුකාරවර ලේකම්

illangovan

එල්. ඉලංගෝවන් මහතා
ආණ්ඩුකාරවර ලේකම් 

ආණ්ඩුකාර කාර්යාලය,
වන සංරක්ෂණ කාර්යාල පටුමග,
චුණ්ඩුකුලි, යාපනය

 

දුරකතන: +94-21-222 0660
ෆැක්ස්: +94-21-222 0661 ජංගම: 0773868565

විද්‍යුත් තැපෑල:
ilaangovan@gmail.com

වවුනියාව දිස්ත්‍රිරික්කයේ නිල මෙහෙවර ජනපති ජනතා සේවය ව්‍යාපෘතියේ අවසන් දින වැඩසටහනට අතිගරු ජනාධිපතිතුමා සහභාගි විය.

වවුනියාව දිස්ත්‍රික්කයේ නිල මෙහෙවර ජනපති ජනතා සේවය ව්‍යාපෘතියේ අවසන් දින වැඩසටහනට අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිඳුන් සහභාගි විය. මෙම වැඩසටහන 2017 ඔක්තෝම්බර් 21 වන දින වවුනියාව සෛවප්‍රහාසා බාලිකා විද්‍යාලයේ දී පවත්වනු ලැබීය.

ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ සංවිධානය මත ජනතාවගේ ගැටලු වලට විසඳුම් ලබාදීම සඳහා ආරම්භ කෙරුණු නිල මෙහෙවර ජනපති ජනතා සේවය ව්‍යාපෘතිය යටතේ ප්‍රෙද්ශ 63 ක වැඩසටහන් අවසන් කරමින් ජාතික මට්ටමින් පවත්වනු ලබන තෙවන ජාතික වැඩසටහන වවුනියා දිස්ත්‍රික්කය කේන්ද්‍රකර ගනිමින් පවත්වනු ලැබිය.

වව්නියාවේ දිස්ති‍්‍රක්කයේ ස්ථිර ඉඩම් ඔප්පු නොමැති ජනතාව වෙත ඉඩම් ඔප්පු 5000 ක් ප‍්‍රදානය කිරීම සංකේතවත් කිරීම, මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළ ලකුණු ලබාගත් සිසුන් සදහා ත්‍යාග පිරිනැමීම, ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන යටතේ පොල් සංවර්ධන මණ්ඩලය මගින් පොල් පැළ ලබාදීම, වියළි කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට පානීය ජලය බෙදාදීම සදහා අවශ්‍ය ජල බවුසර් දෙකක් ලබාදීම ඇතුළු වැඩසටහන් රැසක් මෙහිදී ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

අනතුරුව නිල මෙහෙවර ජනපති ජනතා සේවය පැවති පරිශ‍්‍රයේ නිරික්ෂණ චාරිකාවක නිරත වූ ජනාධිපතිතුමා එහිදී ඉදිරිපත් කෙරුණු ජනතා ගැටලූ පිළිබදව ද අවධානය යොමු කළේය.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, අමාත්‍යවරුන් වන ගයන්ත කරුණාතිලක, එස්.බී. නාවින්න, රිෂාඞ් බදුර්දීන්, රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන්, උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ, පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන කේ. කාදර් මස්තාන්, ඒ.එම්. සුමන්තිරන්, සෙල්වම් අඩෙයික්කනාදන් යන මහත්ම මහත්මීන් ඇතුළු පළාතේ මහජන නියෝජිතයින් ද දිස්ති‍්‍රක් ලේකම් එම්.බී.ආර්.පුෂ්පකුමාර මහතා ඇතුළු රාජ්‍ය නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

 

 

departments tamil

දිවුරුම් දීම

hg swearing thumb

ආණ්ඩුකාරවර ලේඛන

  1. පැතිකඩ
  2. ප්‍රධාන දේශනය
  3. සංදේශ