ගරු ආණ්ඩුකාරවර

රෙජිනෝල්ඩ් කුරේ

ආණ්ඩුකාර කාර්යාලය

පැරණි උද්‍යානය, නුවර පාර,

චුණ්ඩුකුලි, යාපනය,

ශ්‍රී ලංකාව. 

දුරකථනය: +94-21-2219375

ෆැක්ස්: +94-21-2219374

 

ආණ්ඩුකාරවර ලේකම්

illangovan

එල්. ඉලංගෝවන් මහතා
ආණ්ඩුකාරවර ලේකම් 

ආණ්ඩුකාර කාර්යාලය,
වන සංරක්ෂණ කාර්යාල පටුමග,
චුණ්ඩුකුලි, යාපනය

 

දුරකතන: +94-21-222 0660
ෆැක්ස්: +94-21-222 0661 ජංගම: 0773868565

විද්‍යුත් තැපෑල:
ilaangovan@gmail.com

කටුකුරුන්ද බෞද්ධ කනිෂ්ඨ විදයාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවයට උතුරු පළාත් ගරු ආණ්ඩුකාරවර රෙජිනෝල්ඩ් කුරේ මැතිඳුන් සහභාගි විය.

කටුකුරුන්ද බෞද්ධ කනිෂ්ඨ විදයාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවය උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2017.10.28 වන දින විද්‍යාලයේ ප්‍රධාන රංග ශාලාවේ දි සිදු කෙරිණ.

මෙහිදී අදහස් දැක්වූ ආණ්ඩුකාරතුමා ප්‍රකාශ කළේ දේශපාලන පක්ෂ ආගමික නම් වලින් හැඳින්වීම නැවැත්විය යුතුයි යන්නයි.

එමෙන්ම මේ පාසැල් පද්ධතිය තුළ සිංහල, දෙමළ, මුස්ලීම් ළමුන් එකට ඉගෙනගන්නා තැනක් බවට පත්කිරීම තුළින් තමයි මේ ජාතිය එක්සත් කිරීමට පුළුවන් වෙන්නේ යැයි ද අදහස් දැක්විය. අපේ රටේ තියෙන ප්‍රධානතම ප්‍රශ්නය ජනවාර්ගික සාමය බිහිකිරීමයි. එහෙත් මෙය බිහිකරන්න පුළුවන් වෙන්නේ දේශපාලකයන්ට පමණක් නොව මේ රටේ සියලුම පුරවැසියන්  ජනවාර්ගික සාමය බිහිකිරීමට  තම දායකත්වය ලබා දිය යුතු බවට අදහස් දැක්විය.

මෙම අවස්ථාවට බස්නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍ය සුමිත් ලාල් මෙන්ඩිස් මැතිතුමා, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රෝහණ අබේගුණවර්ධන මැතිතුමා, කටුකුරුන්ද බෞද්ධ විද්‍යාලයේ විදුහල්පති ජීවරාණි ද සිල්වා මහත්මිය ඇතුළු පාසලේ ආචාර්‍යවරුන් දරුදැරියන් සහ දෙමව්පියන් බොහෝ දෙනා සහභාගි වී සිටියහ. 

 

departments tamil

දිවුරුම් දීම

hg swearing thumb

ආණ්ඩුකාරවර ලේඛන

  1. පැතිකඩ
  2. ප්‍රධාන දේශනය
  3. සංදේශ