ගරු ආණ්ඩුකාරවර

රෙජිනෝල්ඩ් කුරේ

ආණ්ඩුකාර කාර්යාලය

පැරණි උද්‍යානය, නුවර පාර,

චුණ්ඩුකුලි, යාපනය,

ශ්‍රී ලංකාව. 

දුරකථනය: +94-21-2219375

ෆැක්ස්: +94-21-2219374

 

ආණ්ඩුකාරවර ලේකම්

illangovan

එල්. ඉලංගෝවන් මහතා
ආණ්ඩුකාරවර ලේකම් 

ආණ්ඩුකාර කාර්යාලය,
වන සංරක්ෂණ කාර්යාල පටුමග,
චුණ්ඩුකුලි, යාපනය

 

දුරකතන: +94-21-222 0660
ෆැක්ස්: +94-21-222 0661 ජංගම: 0773868565

විද්‍යුත් තැපෑල:
ilaangovan@gmail.com

මරවන්පුලවු සහලකලාවල්ලි විද්‍යාලීය සිසුදැරියන් හට නොමිලේ පාසල් උපකරණ ලබා දෙන ලදි.

කොළඹ ප්‍රදේශයේ පදිංචි සංජීව ලක්මාල් විජේසේකර මහතා සහ ඔහුගේ මිතුරු කැල විසින් දෙවන වරටත් යාපනයේ අඩුපහසුකම් සහිත පාසලක් වන මරවන්පුලවු සහලකලා වල්ලි විද්‍යාලයේ දරු දැරියන් සඳහා නොමිලේ පාසල් උපකරණ බෙදාදීමක් උතුරු පළාත් ආණ්ඩුකාරවර ගරු රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.

මෙම විද්‍යාලයේ අ.පො.ස (සා.පෙළ) දක්වා අධ්‍යාපනය හැදෑරිය හැකි අතර මේවන විට ළමුන් 120 දෙනෙකුගේ හා ගුරුවරුන් 20 දෙනෙකුගෙන් සමන්විතය. විද්‍යාලීය දූදරියන් හට පාසල් බෑග්, වතුර බෝතල්, අභ්‍යාස පොත් පැන්සල්, සපත්තු සහ මේස් යනාදි පාසල් උපකරණ රැසක් සියලුම දරු දැරියන් සඳහා සංජීව ලක්මාල් විජේසේකර මහතා ඇතුළු මිතුරු කැල විසින් සපයා දුන් අතර එය ලබාගත් දරු දැරියන්ගේ මුහුණු වල තිබුණේ පුදුමාකාර  සතුටකි.

ඒ පිළිබඳව විශේෂ ස්තූතියක් ප්‍රකාශ කරමින් විද්‍යාලයේ විදුහල්පති වයි.ජේකාන්දන් මහතා මෙහිදී මෙම ප්‍රදේශයේ  ජීවත්වන අඩු ආදායම්ලාභී පවුල් වල ජීවත්වන මේ දරුදැරියන් සඳහා මේ කල උපකාරය මහත් අගයකොට සලකන බවත් කුඩාකල සිට දරුදැරියන්ගේ මනස තුල හොඳ අදහස් වර්ධනය කිරීමට, ජාතීන් අතර සහයෝගිතාවය ඇති කිරීමට, ඉගෙනුමට ඇති කැමැත්ත වර්ධනය කිරීමට මෙම කටයුත්ත මනා පිටිවහලක් වන බවත් ප්‍රකාශ කල අතර පැමිණි සියලුදෙනාටම තමන්ගේ ස්තූතිය පිරිනමන බව සඳහන් කරන ලදි. 

 

 

 

departments tamil

දිවුරුම් දීම

hg swearing thumb

ආණ්ඩුකාරවර ලේඛන

  1. පැතිකඩ
  2. ප්‍රධාන දේශනය
  3. සංදේශ