උතුරු පළාතේ යාපනය මූලික කරගනිමින් රිය අනතුරු අවම කරගැනීම සඳහා ප්‍රදේශයේ රාජ්‍ය ආයතන වල සේවයේ නියුතු රියදුරන් සඳහා මාර්ග නීති පිළිබඳව දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයක් උතුරු පළාත් ආණ්ඩුකාරවර ගරු රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ ප්‍රධානත්වයෙන් 2018 පෙබරවාරි 21 වන දින යාපනය මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්විනි.
ආණ්ඩුකාර කාර්යාලය හා පොලීසිය එක්ව සංවිධානය කළ මෙම වැඩමුළුවට ආණ්ඩුකාරවර ලේකම් එල්.ඉලංගෝවන් මහතා, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිසි හා පුහුණු), නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පරිපාලන), උතුරු පළාත් ගමනා ගමන කොමසාරිස් යනාදිවරු මෙම අවස්ථාවට සහභාගි වූහ.
2016 වර්ෂය හා ගත්කල 2017 වර්ෂය තුළ යාපනය ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරු ප්‍රමාණය ඉහළ ගොස් ඇති බව මෙම සම්මන්ත්‍රණයට සහභාගි වූ යාපනය දිස්ත්‍රික් භාර නියෝජ්‍ය පොලිස්පති පාලිත ප්‍රනාන්දු මහතා එහිදී පුළුල් වීඩියෝ තිරයක් ආධාරයෙන් සාරාංශ ගත කර දැනුවත් කළේය. එමෙන්ම රියදුරන්ගේ නොසැළකිලිමත්භාවය හේතුවෙන් ඇති වන රිය අනතුරු පිළිබඳව සහ මින් ඉදිරියට එයින් වැළකීම පිළිබඳවත් දීර්ඝ දේශනයක් පවත්වනු ලැබීය. මෙම සම්මන්ත්‍රණයට සහභාගි වූ උතුරු පළාත් ආණ්ඩුකාරවර ගරු රෙජිනෝල්ඩ් කුරේ මැතිඳුන් ද මෙහිදී තම අදහස් ප්‍රකාශ කරනු ලැබීය.