ගරු ආණ්ඩුකාරවර

රෙජිනෝල්ඩ් කුරේ

ආණ්ඩුකාර කාර්යාලය

පැරණි උද්‍යානය, නුවර පාර,

චුණ්ඩුකුලි, යාපනය,

ශ්‍රී ලංකාව. 

දුරකථනය: +94-21-2219375

ෆැක්ස්: +94-21-2219374

 

ආණ්ඩුකාරවර ලේකම්

illangovan

එල්. ඉලංගෝවන් මහතා
ආණ්ඩුකාරවර ලේකම් 

ආණ්ඩුකාර කාර්යාලය,
වන සංරක්ෂණ කාර්යාල පටුමග,
චුණ්ඩුකුලි, යාපනය

 

දුරකතන: +94-21-222 0660
ෆැක්ස්: +94-21-222 0661 ජංගම: 0773868565

විද්‍යුත් තැපෑල:
ilaangovan@gmail.com

ලෝක පරිසර දිනය උතුරේ ජයටම සමරන ලදි.

ලෝක පරිසර දිනය නිමිත්තෙන් උතුරු පළාතේ යාපනය නගරය කේන්ද්‍ර කරගනිමින් පැල සිටුවීමේ වැඩසටහන් මාලාවක් උතුරු පළාත් ආණ්ඩුකාරවර රෙජිනෝල්ඞ් කුරේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් 2018 ජුනි මස 05 වන දින  යාපනය පන්නෙයි බලකොටුව අසලින් ආරම්භ කෙරුණි.

 

එහිදී කරඳ, මාර, රතුඅඹ, කොට්ටම්බ, කොහොඹ, තේක්ක, ජම්බු, මහෝගනී යන පැල වර්ග 6000ක් රෝපණය කරනු ලැබූ අතර මේ සඳහා ත‍්‍රිවිධ හමුදාව සහ පොලිසීය උපරිම දායකත්වයක් ලබාදුන් අතර උතුරු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, වන සංරක්ෂන දෙපාර්තමේන්තුව සහ යාපනය මහ නගර සභාවේ සහයෝගයෙන් මෙම වැඩසටහන ඉතා සාර්ථකව දියත් කෙරිණ.

යාපනය ප‍්‍රදේශය ආවරණය කරගනිමින් පාසැල් 16කද මෙම පැල රෝපණය කරනු ලැබූ අතර යාපනය නගර සභා බල ප‍්‍රදේශය තුලද මෙම පැල රෝපණය කරන ලදී.

මෙම වැඩසටහන සඳහා දේශපාලන අධිකාරිය මෙන්ම රාජ්‍ය නිලධාරීන්ද මහත් කැපවීමකින් කටයුතු කල අතර පාසැල් විදුහල්පතිවරුන්, ගුරුවරුන්, දරුදැරියන්, දෙමව්පියන් සහ බාලදක්ෂයින් මේ සඳහා විශාල ශ‍්‍රම දායකත්වයක් සපයනු ලැබීය.

එහිදී අදහස් දැක්වූ උතුරු පළාත් ආණ්ඩුකාරතුමා කියා සිටියේ පැල සිටුවීම වගේම ඒවා නඩත්තු කිරීම, ආරක්ෂා කරගැනීම යාපනය මහ නගර සභාව විසින් සිදුකරන බවත් ඉදිරි වසර කිහිපය ඇතුලත යාපනය නගරය සහ අවට ප‍්‍රදේශ නීල හරිත වර්ණයෙන් බැබළවීමට සියලූ දෙනා අදිටන් කරගත යුතු බවත් ප‍්‍රකාශ කළේය.

මෙම අවස්ථාව සඳහා ඉන්දියානු කන්සියුලර් ජෙනරල් එස්. බාලචන්ද්‍රන් මහතා, උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සි.වී.විග්නේෂ්වරන් මැතිඳුන්, පළාත් කෘෂිකර්ම අමාත්‍ය කන්දයියා සිවනේසන් මහතා, පළාත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය කන්දයියා සරවේෂ්වරන් මහතා, යාපනය නගරාධිපති ඉම්මානුවේල් ආනෝල්ඩ් මහතා  සහ උතුරු පළාත් අමාත්‍යවරුන්, මන්ත‍්‍රීවරුන් රැසක් සහභාගි වී සිටියහ.

 

departments tamil

දිවුරුම් දීම

hg swearing thumb

ආණ්ඩුකාරවර ලේඛන

  1. පැතිකඩ
  2. ප්‍රධාන දේශනය
  3. සංදේශ