ගරු ආණ්ඩුකාරවර

රෙජිනෝල්ඩ් කුරේ

ආණ්ඩුකාර කාර්යාලය

පැරණි උද්‍යානය, නුවර පාර,

චුණ්ඩුකුලි, යාපනය,

ශ්‍රී ලංකාව. 

දුරකථනය: +94-21-2219375

ෆැක්ස්: +94-21-2219374

 

ආණ්ඩුකාරවර ලේකම්

illangovan

එල්. ඉලංගෝවන් මහතා
ආණ්ඩුකාරවර ලේකම් 

ආණ්ඩුකාර කාර්යාලය,
වන සංරක්ෂණ කාර්යාල පටුමග,
චුණ්ඩුකුලි, යාපනය

 

දුරකතන: +94-21-222 0660
ෆැක්ස්: +94-21-222 0661 ජංගම: 0773868565

විද්‍යුත් තැපෑල:
ilaangovan@gmail.com

වට්ටුක්කෝට්ටෛ හින්දු විද්‍යාලීය වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආණ්ඩුකාරතුමා සහභාගි විය.

වට්ටුක්කෝට්ටෛ හින්දු විද්‍යාලීය වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවය 2018 සැප්තැම්බර් 07 වන දින පවත්වනු ලැබිණ. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් උතුරු පළාත් ගරු ආණ්ඩුකාරවර රෙජිනෝල්ඩ් කුරේ මැතිඳුන් සහභාගි විය.

වට්ටුක්කෝට්ටෛ හින්දු විද්‍යාලයේ විදුහල්පති එස්. දනන්ජයන් මහතා විසින් පිළි ගැනිමේ කථාව ඉදිරිපත් කෙරුණු අතර ජයග‍්‍රාහී ශීෂ්‍ය ශිෂ්‍යාවන්ට රෙජිනෝල්ඞ් කුරේ මහතා විසින් ත්‍යාග සහ සහතික පත‍්‍ර ප‍්‍රදානය කරනු ලැබිණ. 

”මම පොඩි කාලේ අහලා තියෙනවා යාපනයේ දරුවෝ ගෙදර විදුලිය නැති නිසා පාරේ වීදි ලාම්පු එළියෙන් පාඩම් කරලා උසස් අධ්‍යාපනය ලබලා රටේම වැදගත් තනතුරු වලට පත් වුණු පිරිස් හිටියයි කියලා. වර්තමානය ගත්තම හැම තැනම විදුලිය තියෙනවා. එහෙත් අද වන විට යාපනයේ අධ්‍යාපනය පිරිහීමට ලක් වෙලා. ඒ නිසා අධ්‍යාපනය පෙර පරිදිම නගා සිටුවන්න අලූත් දැක්මක් වැඩ පිළිවෙලක් අවශ්‍යයි. දේශපාලකයෝ කල්පනා කරන්නේ ඉදිරියට එන මැතිවරණය දිනන්නේ කොහොමද කියලායි. මම කල්පනා කරන්නේ අනාගත පරපුර හොඳ අධ්‍යාපන පසුබිමක් සහිත පුරවැසියන් කරන්නේ කොහොමද කියලයි.” 

”ජාති, කුල, ආගම් භේද අධ්‍යාපනයට අදාල වන්නේ නැහැ.  ඕනෑම කුලයක, ජාතියක දරුවෙකුට උසස් අධ්‍යාපන වරම් ලබා ගැනීමට හැකි පරිසරයක් අද රටේ නිර්මාණය වෙලා තිබෙනවා. අධ්‍යාපනය හොඳින් ලබා ගත්තම ඔබ ළඟට හැමෝම එනවා. හැමදේම ඔබට ලැබෙනවා. මනුස්සකම ළඟ ජාති බේද, ආගම්භේද වලට කිසිම වටිනාකමක් නැහැ. 

උතුරු පළාතේ මහ ඇමති සී. වී. විග්නේෂ්වරන් මැතිඳුන්ගේ දරුවෝ දෙන්නෙකුම විවාහ වෙලා සිටින්නේ සිංහල දරුවෝ සමගයි. විග්නේෂ්වරන් මැතිඳුන්ගේ ගෙදර තිබෙන සාමය, සංහිඳියාව තමයි යාපනයටත් අවශ්‍ය යැයි උතුරු පළාත් ආණ්ඩුකාරවර රෙජිනෝල්ඩ් කුරේ මැතිඳුන් මෙහිදී ප්‍රකාශ කළේය.

එමෙන්ම, දකුණේ රෝහල්වල ද්‍රවිඩ වෛද්‍යවරු විශාල ප‍්‍රමාණයක් සේවය කළත් උතුරේ තිබෙන රෝහල් වල වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතී. ඒ නිසා යාපනයේ ඉගෙන ගෙන වෛද්‍යවරුන් ලෙස පත්වීම් ලද වෛද්‍යවරුන්ට මා යෝජනා කරන්නේ අඩුම තරමින් වසර 4 ක් වත් තමන්ගේ ගමට, ප‍්‍රදේශයට සේවය කරන ලෙසයි. තවද අවුරුදු 30ක සාප ලත් යුද්ධයෙන් පීඩා විඳි ඔබ නැවත නැවත ඒ මාවත තොරා ගන්නේ නැතිව ලැබිලා තිබෙන සාමකාමි පරිසරය තුළ හොඳට ඉගෙන ගෙන රටම බබලවන්න පුළුවන් පුද්ගලයන් වෙන්න යයි මම ඉල්ලා සිටිනවා.

අතපසු වෙන, ගතවෙන සෑම තත්පරයක්ම, දිනයක්ම නැවත ඔබට ලැබෙන්නේ නැහැ. ඒ නිසා නිරන්තරයෙන්ම අධ්‍යාපන වැඩ කටයුතු වලට ප‍්‍රමුඛතාවය දී කටයුතු කළොත් ඔබේ අනාගතය යහපත් වේවි යැයිද ආණ්ඩුකාරතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. 

 

 

 

 

 

departments tamil

දිවුරුම් දීම

hg swearing thumb

ආණ්ඩුකාරවර ලේඛන

  1. පැතිකඩ
  2. ප්‍රධාන දේශනය
  3. සංදේශ