ගරු ආණ්ඩුකාරවර

රෙජිනෝල්ඩ් කුරේ

ආණ්ඩුකාර කාර්යාලය

පැරණි උද්‍යානය, නුවර පාර,

චුණ්ඩුකුලි, යාපනය,

ශ්‍රී ලංකාව. 

දුරකථනය: +94-21-2219375

ෆැක්ස්: +94-21-2219374

 

ආණ්ඩුකාරවර ලේකම්

illangovan

එල්. ඉලංගෝවන් මහතා
ආණ්ඩුකාරවර ලේකම් 

ආණ්ඩුකාර කාර්යාලය,
වන සංරක්ෂණ කාර්යාල පටුමග,
චුණ්ඩුකුලි, යාපනය

 

දුරකතන: +94-21-222 0660
ෆැක්ස්: +94-21-222 0661 ජංගම: 0773868565

විද්‍යුත් තැපෑල:
ilaangovan@gmail.com

තමිල්නාඩු රජය මගින් ඉන්දියානු මුදලින් රුපියල් කෝටි 04 ක මුදලක් වටිනා පොත්පත් යාපනය පුස්තකාලයට පරිත්‍යාග කරන ලදි.

රාජ්‍ය අධ්‍යාපන අමාත්‍ය වී.රාධාක්‍රිෂ්ණන් මහතාගේ සංවිධානය මත තමිල්නාඩු අධ්‍යාපන අමාත්‍ය සෙන්කෝට්ටයන් මහතා 2018 සැප්තැම්බර් මස 18 වන දින යාපනයට පැමිණ යාපනය මහජන පුස්තකාලයට ඉන්දියානු මුදලින් රුපියල් කෝටි 04ක් වටිනා  පොත්පත් 50000 ක් ප්‍රධානය කරනු ලැබීය.

 

පසුගිය කාලවලදී ආහාර ඇඳුම් පැළඳුම් ආදි බොහෝ දේ ඉන්දියානු රජය විසින් නොමිලේ ලබා දෙනු ලැබුවත් ඊටත් වඩා වටිනා දැනුම නොමිලේ ලබා දීමේ මෙම කර්තව්‍යය අතිශ්‍යයින්ම අගය කරන බවට උතුරු පළාත් ආණ්ඩුකාරවර රෙජිනෝල්ඩ් කුරේ මැතිඳුන් මෙහිදී පැවසීය.

මෙම උත්සවයට සහභාගි වූ ගරු ආණ්ඩුකාරතුමා සභාව  අමතමින් මෙසේ පැවසීය.

ශ්‍රී ආරුමුගම් නාවලර්, ස්වාමි විවේකානන්දර් වැනි අය බොහෝ පොත් පත් ලියා ඇත. ඔවුන් මරණයට පත් වූ නමුත් ඔවුන්ගේ අත්දැකීම් එම පොත්වල ලියවී ඇත. මා ඔවුන් විසින් ලියවුණු පොත්පත් දෑතින් රැගෙන යනවිට ඔවුන්ගේ දැනුම අරගෙන යන්නා සේ මට හැඟේ.

කුඩා කාලයේ දීම අපට සියලුම අත්දැකීම් ලබා ගන්නට බැහැ. එහෙත් ඔවුන් විසින් ලියවුණු පොත්පත් පරිශීලනය කිරීමෙන් විවිධ අත්දැකීම් පිළිබඳ අප අධ්‍යයනය කළ හැකිය. පොත් පත් පරිශීලනය කිරීමෙන් තමන්ගේ දැනුම වැඩිදියුණු වනවා විතරක් නොවෙයි ජීවත් වන සමාජ වටපිටාවද එයින් වැඩිදියුණු කරගන්න පුළුවන්.

ඉන්දියාවේ රවීන්ද්‍රනාත් තාගෝර් වැනි උගතුන් බිහිවුණේ හොඳ අධ්‍යාපනයක් ලබපු නිසයි. එවැනි උගත් දූපුතුන් යාපනයෙනුත් තව තවත් බිහිවේවායි මම ප‍්‍රාර්ථනා කරනවා. අප සතු  ඕනෑම දෙයක් කෙනෙකුට සොරකම් කරන්න පුළුවන්.  එහෙත් අධ්‍යාපනයෙන් ලබාගත් දැනුම කාටවත් සොරකම් කරන්න බැහැ. අද ලබා ගන්න පොත් පත් වලින් යාපනයේ දරුවෝ හොඳ අධ්‍යාපනයක් ලබයි කියා මා විශ්වාස කරනවා යැයි ගරු ආණ්ඩුකාරතුමා මෙහිදී පවසනු ලැබීය. 

 

 

 

departments tamil

දිවුරුම් දීම

hg swearing thumb

ආණ්ඩුකාරවර ලේඛන

  1. පැතිකඩ
  2. ප්‍රධාන දේශනය
  3. සංදේශ