chief-secretariat2

ප්‍රධාන ලේකම්

wijialudchumi

ඒ පත්තිනාදන් මහතා
ප‍්‍රධාන ලේකමි
උතුරු පළාත් සභාව

ප‍්‍රධාන ලේකමි කාර්යාලය
නුවර පාර, කෛතඩි,
යාපනය,
ශ්‍රී ලංකාව.

 දුරකථනය : 021-2220843
ෆැක්ස් :021-2220841
විද්‍යුත් තැපෑල: chiefsecnpc@gmail.com

ප්‍රධාන ලේකම් කාර්යාලය

ජලාශ පද්ධති සංවර්ධන සැලැස්ම

ජලාශ පද්ධති සංවර්ධන සැලැස්ම  පිළිබඳ සාකච්ඡාවක් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය JICA ව්‍යාපෘති උපදේශකවරු සමග එක්ව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් 2018 පෙබරවාරි 26 දින උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී පවත්වනු ලැබිණ.

මෙම සාකච්ඡාවේ දී උපදේශකවරු සහ ව්‍යාපෘති විශේෂඥවරුන් විසින් ජලාශ පද්ධති සංවර්ධන සැලසුම් ව්‍යාපෘතියට අදාළ වාර්ථා ඉදිරිපත් කරමින් මෙම ව්‍යාපෘතියට අදාළ  ප්‍රධානීන්, දේශපාලන අධිකාරීන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් හට දැනුවත් කරනු ලැබිණ.

මෙම සාකච්ඡාවට වාරිමාර්ග හා ජලසම්පත් කළමණාකරන අමාත්‍යංශ නිලධාරීන්, උතුරු පළාත් සභා සභාපති, උතුරු පළාත් සභා විපක්ෂ නායක, උතුරු පළාත් සභා අමාත්‍යවරු සහ මන්ත්‍රිවරු (වවුනියාව දිස්ත්‍රික්කය), ප්‍රධාන ලේකම්, පළාත් සභා අමාත්‍යංශ ලේකම්වරු, නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරු සහ ව්‍යාපෘතියට අදාළ දෙපාර්තමේන්තු ප්‍රධානීන් යනාදිවරු මෙම අවස්ථාවට සහභාගි වූහ.