cm header3

ගරු ප‍්‍රධාන අමාත්‍යතුමා

ගරු කනගසභාපති විශ්වලිංගම් විග්නේශ්වරන් මැතිතුමා

ප්‍රධාන අමාත්‍ය උතුරු පළාත් සභාව

ප්‍රධාන අමාත්‍ය කාර්යාලය

නුවර පාර,කයිතඩි. 

ශ්‍රී ලංකාව.

 
දුරකතන: +94-21-3202465

 

ෆැක්ස්: +94-21-2217227
විද්‍යුත් තැපෑල:
cv.wigneswaran@gmail.com

 

ප‍්‍රධාන අමාත්‍ය ලේකමි

  pde Edu

අාර්.වරදලිංගම් මහත්මිය 

ලේකම් 

පළාත් පාලන, කර්මාන්ත හා ඉඩම් අමාත්‍යාංශය

නුවර පාර,

කයිතඩි.

දුරකතන: +94-21-205 7110

 ෆැක්ස්: +94-21-205 7120 

ප‍්‍රධාන අමාත්‍යතුමාගේ අමාත්‍යාංශය

2017 ලෝක සංචාරක දිනය නිමිත්තෙන් සංස්කෘතික පාගමනක් සහ සම්මන්ත්රංණයක් පැවැත්විය

 width=500

සංචාරක දිනය මුල්කරගනිමින් 2017 සැප්තැම්බර් මස 25 වන දින උතුරේ සංස්කෘතිය හා සංස්කෘතික උරුමයන් පිළිබඳ හා සංචාරක ක්ෂේත්රයේ සංවර්ධනය පිළිබඳ දැනුවත් කිරීම සඳහා පෙරවරු කාලයේ පවත්වනු ලැබූ පාගමන උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මැතිුන් විසින් යාපනය දුම්රියපළ ස්ථානයේ සිට ආරම්භ කරන ලදි. මෙම අවස්ථාවට උතුරේ සංස්කෘතිය සහ සංස්කෘතික උරුමයන් ප්‍රවර්ධනය කරන කලා, සංගීත භාණ්ඩ, පැරණි වාහන යනාදියත් සමගින් සංචාරක යාපනය සංචාරක විශ්වවිද්යාලය, හෝටල්, රජයේ කාර්යාල, කථිකාචාර්යවරුන් සහ සිවිල් සංචාරක ආයතන, හෝටල්, රජයේ කාර්යාල වල නිලධාරීන්, යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්, කථිකාචාර්යවරු  සහ මහජනතාව සහභාගි වූහ.

ඉන් අනතුරුව ප්‍රධාන අමාත්‍ය අමාත්‍යාංශ ලේකම් රූබිනී වරදලිංගම් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පස්වරු කාලයේ  සම්මන්ත්‍රණයක් පවත්වන ලදි. මෙහිදී උතුරේ සංස්කෘතිය හා සම්ප්රදායන් පිළිබඳ හා සංචාරක ක්ෂේත්රයේ සංවර්ධනය පිළිබඳ දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයට ප්‍රධාන අමාත්‍යතුමා නියෝජනය කරමින් උතුරු පලාත් අධ්‍යාපන සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය කේ.සර්වේෂ්වරන් මැතිුන් ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි විය. මෙහි ආරාධිත අමුත්තන් වශයෙන් කාන්තා කටයුතු අමාත්‍ය අනන්දි සසිදරන් මහත්මිය, උතුරු පළාත් විපක්ෂ නායක එස්.තවරාසා මහතා සහ අමාත්‍යංශ ලේකම්වරු, නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරු, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, ප්‍රාදේශිය ලේකම්වරු, ප්‍රාදේශිය සභා ලේකම්වරු සහ දෙපාර්තමේන්තු නිලධාරීන් රැසක් සහභභාගි වූහ.

 

 මෙහිදී උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය අමාත්‍යාංශය මගින් සංචාරක ක්ෂේත්‍ර සංවර්ධනය සහා ආරම්භක සැලැස්ම, සංචාරක ගමන්මග, සංචාරක තොරතුරු ඇතුළත් අත්පත්‍රිකා නිකුත් කිරීමත් සමග උතුරු පළාතේ සංචාරක ක්ෂේත්‍ර වෙබ් අඩවියක්ද ආරම්භ කරන ලදී.

 width=500

 width=500

 width=500

 width=500

 width=500

 width=500

 width=500

 width=500

 width=500

 width=500

 width=500

 width=500